FAST NEWS

24×7 Around the Globe

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමීයන් ඇප මත නිදහස් කෙරේ.

නීති විරෝධී ලෙස අලි පැටවෙකු තබාගත් බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් ලක්ෂ 60 බැගින් වූ ශරීර ඇප 3ක් මත නිදහස් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබේ.
අදාළ නඩුවේ මෝසමක් අද(11)කැඳවූ අවස්ථාවේදී ධම්මාලෝක හිමියන්ගේ නීතිඥයින් කරුණු ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ මෙම හිමියන්ට අපවත්වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය ගලගම අත්ථදස්සි හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා වැඩම කරවීමට ඇප ලබාදෙන ලෙසයි.