රට තුළ ප්‍රතිසන්ධානය, වගවීම සහ කල්පවත්නා සාමය ඇතිකිරීම සඳහා ශ්‍රී ලංකාව මේ වන විට ඔවුන්ගේම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු පවසයි.
ඊට අදාළව ශ්‍රී ලංකා රජය විසින් මේ වන විටත් වැදගත් පියවර රැසක් ගෙන ඇති බව ඔහු පෙන්වා දී ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 31 වන සැසිවාරයට සිය වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරමින් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මේ බව සඳහන් කර තිබේ.








