FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මිල පහත දැමීමට නොහැකි බව ඇමති චන්දිම අවධාරණය කරයි.

ලෝක වෙළදපොළේ බොර තෙල් මිල සීඝ්‍රයෙන් පහල ගියද මෙරට ඉන්ධන මිල පහත දැමීමට නොහැකි වී ඇත්තේ ඛණිජ තෙල් අමාත්‍යාංශයට ඉහළ ණයක් ගෙවීමට සිදුව තිබීම හේතුවෙන් බව විෂයභාර අමාත්‍ය චන්දිම විරක්කොඩි මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ මිල අඩු කිරීම වෙනුවට ණය බරින් නිදහස් වීමෙන් ද ජනතාවට සහන හිමිවන බවයි.
ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල පහලයාම හේතුවෙන් මෙරට තුළද මිල  පහත දැමිම සදහා සූත්‍රයක් සකස් කරන බව රජය මීට මාස කිහිපයකට පෙර සඳහන් කර තිබුණි.