FAST NEWS

24×7 Around the Globe

දුමින්ද සිල්වා වරද පිළිගෙන නඩු කෙටියෙන් අවසන් කර ගැනීමට සැරසෙයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා 2011 සිට 2014 දක්වා වත්කම් හෙළි නොකළැයි පවරා ඇති නඩු තුනක වරද පිළිගෙන නඩු කෙටියෙන් අවසන් කර ගැනීමට කැමැත්ත පළ කළේය.
ඔහුගේ නීතීඥ අනූජ ප්‍රේමරත්න මහතා ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කියා සිටියේ දුමින්ද සිල්වා නඩුව අවසන් කර ගැනීමට වරද පිළිගන්නා බවයි.
ඒ අනූව නඩුව අ‍ප්‍රේල් 18 දක්වා කල් තැබිණි.