FAST NEWS

24×7 Around the Globe

දංකොටුව ප්‍රදේශයෙන් ගිනිගත් වෑන් රථයක් සමග මළ සිරුරු කිහිපයක් හමුවේ.

දංකොටුව ප්‍රදේශයේ ගිනිගත් වෑන් රථයක් තුල තිබී පිළිස්සුනු මළ සිරුරු කිහිපයක් සොයාගෙන ඇත.
බුත්ගම්පොළ ප‍්‍රදේශයේ අතුරු මාර්ගයක තිබී පිළිස්සීගිය වෑන් රථය සොයා ගෙන ඇති අතර 119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව පොලීසිය මෙම සෝදිසිය සිදුකර තිබෙනවා.
වෑන් රථය තුල මළ සිරුරු පහක් හෝ හයක් ඇති බවට හඳුනාගෙන ඇති අතර වැඩි දුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.