FAST NEWS

24×7 Around the Globe

බැසිල් රාජපක්ෂට විදෙස් ගමන් තහනම්.(update)

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඒ රණවක යන අය ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
ඒ අනූව රුපියල් ලක්ෂ 5 මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මොවුන් මුදා  හැර ඇත.
එසේම ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර තහනම් කළ අධිකරණය ඒවා උසාවි බාරයට  ගෙන  ඇත.
මෙම නඩුව යළි ජුලි 22  විභාග කිරීමට නියමීතය.
++++++++++++++++++++++(update) 11.19 a.m (2015/03/10)
දිවි නැගුම නඩුවට බැසිල් රාජපක්ෂ අධිකරණයට.
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අද (10) පෙරවරුවේ අධිකරණයට වාර්තා කර ඇත.
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 26 කට අධික මුදලක් සාපරාධි ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා මොහුට අමතරව එහි හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආර්.කේ. රණවකට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.