ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට තේරීපත්වී අද(09) ට වසර 27 ක් සපිරෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
1989 සිට ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ගමන් මග පිළිබඳ ජනාධිපති කාර්යාලය නිකුත්කළ සටහනක් පහත දැක්වේ.
1989 පෙබරවාරි මස 15 වන දින පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතා 1989 මාර්තු මස 09 වන දින මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දෙන ලදි.
1994 වර්ෂයේ මෛත්‍රීපාල සිරිසේන මහතා වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේය.
මහවැලි සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස 1997 වර්ෂයේදී තේරී පත්විය.
2001 වර්ෂයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පත් කෙරිණි.
2004 වර්ෂයේදී පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස තේරී පත්විය.
2005 වර්ෂයේදී කෘෂිකර්ම, පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් පත් කෙරිණි.
2006 වර්ෂයේදී කෘෂිකර්ම, වාරිමාර්ග මහවැලි හා පරිසර ඇමති ධූරයත් 2007 ඇමති මණ්ඩල සංශෝධනයේදී කෘෂිකර්ම සංවර්ධන හා ගොවි ජන සේවා ඇමති ධූරයටත් පත්විය.
මීට අමතරව මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩ බලන ආරක්ෂක ඇමතිවරයා ලෙස අවස්ථා 09 කදීම කටයුතු කර ඇති අතර 2009 වසරේ එල්.ටී.ටී.ඊ සංවිධානය යුධමය වශයෙන් පරාජයට පත් කළ අවසන් සංග්‍රාමය සිදුවන මොහොතේදී ද වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ලදි.
2010 වර්ෂයේදී සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසින් පත් කෙරුණු අතර 2015 ජනවාරි මස 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ 06 වන විධායක ජනාධිපතිවරයා ලෙසින් තේරී පත්විය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.