FAST NEWS

24×7 Around the Globe

රාජගිරිය අනතුර ගැන ඇමති චම්පිකගෙන් ප්‍රකාශයක් ගන්නැයි නියෝගයක්.

රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරට අදාළව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් ප්‍රකාශයක් හා ඔහුගේ දුරකථනයේ සංවාද පිළිබඳ වාර්තාවක් ‍ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කර තිබේ.
අගතියට පත් පාර්ශවය විසින් මෝසමක් මගින් අද (09)දිනයේ නඩුව කැඳවන ලෙස කරන ලද ඉල්ලීමක් අනුව මෙම නඩුව කැඳවා තිබුණි.
එසේම අනතුර සිදුකළ බව කියන අමාත්‍යංශයට අයත් මෝටර් රථය එදින  පැවතියේ කාගේ බාරයේද යන තොරතුරුද ඇතුළත්ව ධාවන සටහන් පොලීසියට බාරයට ගෙන ඒවාද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ.
අදාළ නඩුව යළි මාර්තු 30 වන දින විභාගයට ගැනීමට නියමිතය.