FAST NEWS

24×7 Around the Globe

ඩොනල්ඞ් ට‍්‍රම්ප් යනු වෙස්මුණු කාරයෙක් – දේශපාලන විෂ්ලේෂක ජොන් රයිට් කියයි.

ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්‍ෂකත්වයට තරග වැද සිටින ප‍්‍රකෝටිපති ව්‍යාපාරික ඩොනල්ඞ් ට‍්‍රම්ප් යනු වෙස්මුහුණු ඉවත් කළ පසු ඉතිරිවන ඇමරිකාවේ සැබෑ මුහුණුවර බව දේශපාලන විශ්ලේෂක ජෝන් රයිට් පවසා ඇත.
ඔහු පවසා ඇත්තේ ධවල මන්දිරය පමණක් නොව සමස්ත ඇමරිකාව විසින් ඉහළට ඔසවා සිටින උසස් සදාචාරයන් සහ අදහස් වලට ඩොනල්ඞ් ට‍්‍රම්ප් පරස්පර බැවින් ඔහු විකෘතියක් වන බවට බොහෝ දේශපාලන විචාරකයන්ගේ දරන අදහස දෝෂ සහිත වන බවයි.
ඒ වෙනුවට ඇමරිකාවේ සැබෑ මුහුණ වන තණ්හාව, අහංකාරය හා අනුකම්පා විරහිත කෲරත්වය ට‍්‍රම්ප් විසින් මනාව විද්‍යමාන කරන බව රයිට් පවසා තිබේ.
වත්මන් ජනාධිපති බරැක් ඔබාමා විසින් ඔහු ජනාධිපති ධුරයට ගෙන ආ ජනතා අපේක්‍ෂා ජයග‍්‍රහණය කිරීමට අසමත්වූ බව ජෝන් රයිට් පවසා තිබේ.
කියුබාව සමග රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා ප‍්‍රතිස්ථාපනය කිරීම, ඉරානය සමග න්‍යෂ්ටික එකගතාවය සහ ඔබාමාකෙයාර් හරහා ඇමරිකානු රක්‍ෂණ සමාගම්වලට සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ ඇති ආධිපත්‍යයෙන් නිදහස් අවකාශයක් ජනතාවට ලබාදීමට ගත් උත්සහය වැනි සාර්ථකත්වයන් තිබියදී වුවද ඔබාමා ISIS නැගීම, රුසියාව සහ චීනය සමග විරසකය ආදී බොහෝ අසාර්ථකතා පෙන්වූ බව රයිට්ගේ අදහසයි.
2016දී ඔබාමා වෙනුවට ආදේශ වීමට උත්සහ කරන අපේක්‍ෂකයින් අතරින් ඇමරිකාවේ සැබෑ ස්වරූපය දරන්නා ට‍්‍රම්ප් බව ඔහු අවධාරණය කර තිබේ.