FAST NEWS

24×7 Around the Globe

එට්කා ගිවිසුමට එරෙහි විරෝධය ජවිපෙ කොටුවෙන් අරඹයි.

එට්කා ගිවිසුමට විරෝධය පාමින් රට පුරා අත් පත්‍රිකා බෙදාහැරීමේ ව්‍යාපාරයක් දියත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

‘‘ශ්‍රී ලංකා ආර්ථිකය ඉන්දියාවට බාර කරන එට්කාට එරෙහි වෙමු‘‘ මැයෙන් දියත් වන මෙම අත් පත්‍රිකා වැඩපිළිවෙල කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටින් අද  (9) උදේ 9.00 ට ආරම්භ කරනු ලැබීය.