FAST NEWS

24×7 Around the Globe

මන්ත‍්‍රී විමල් වීරවංශගේ බිරිඳ අද මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට.

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය අද උදේ 9.00ට කොල්ලූපිටියේ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ.

සිදු වෙමින් පවතින විමර්ශනයක් පිළිබඳව ප‍්‍රකාශයක් ලබාගැනීමට මෙසේ පැමිණෙන ලෙස මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන නිලධාරීවරයා ශෂී වීරවංශ මහත්මියට වෙත පසුගිය 02 වැනිදා දැනුම් දී තිබේ.