අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය අද කථානායකවරයා අතට.

අගමැති රනිල්ට එරෙහි විශ්වාසභංගය අද කථානායකවරයා අතට.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද කථානායකවරයාට භාර දෙන බව විපක්ෂ මන්ත්‍රීවරුන් පවසනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසුවේ ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113කට වැඩි පිරිසක් අත්සන් තබා ඇති බවයි.
රටේ ආර්ථිකයට සිදුව ඇති හානිය සහ මහාභාණ්ඩාගාරයේ බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගෙන අග්‍රාමාත්‍යවරයාට එරෙහිව අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවසුවේ. මීට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් කිහිපදෙනෙකු ද අත්සන් තබා තිබෙනවා.

ජීවන් කුමාරතුංග, ලලිත් දිසානායක, ලසන්ත අලගියවන්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, හේමාල් ගුණසේකර හා පණ්ඩු බණ්ඩාරනායක යන මහත්ම මහත්මීන් ද ඒ අතර වනවා. විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ජාතික සංවිධායක සුසිල් ප්‍රේම්ජයන්ත, රත්නසිරි වික්‍රමනායක හා දි.මු. ජයරත්න යන මහත්වරුන්ද විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා තිබෙනවා.