තංගල්ලේ දී පුද්ගලයකුට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණූ පළාත් ධීවර ඇමැති ඩි.වී.උපුල්ට ඇප ලබා දුන්නේය.
තිස්සමහාරාම මහේස්ත්‍රාත් උදයංගනී රාජපක්ෂගේ නියෝගයකට අනුවයි.
ඒ රුපියල් පනස්දහසක ශරිර ඇප මතයි.
නඩුව ලබන මැයි 10 වැනි දා යළි කැඳවීමට නියමිතය.
++++++++++++++++++++++++++++++++++++
දකුණු ඇමති ඩි.වී උපුල් අත්අඩංගුවට. 2016-03-08 – update
දකුණු පළාත් ධීවර ඇමති ඩී.වී උපුල් මහතාව පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාව සම්බන්ධයෙන් තිස්සමහරාම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර අමාත්‍යවරයා අද (08) පෙරවරුවේ පොලිසියට බාරවීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පියවර ගෙන ඇත.
පසුගිය 5 වැනිදා පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් ඒ මහතාට චෝදනා එල්ල වූ අතර ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද සඳහන්ය.