FAST NEWS

24×7 Around the Globe

රාජගිරියේ අනතුර ගැන ඇමති චම්පික‍ගෙන් ප්‍රශ්න කීරීමට සැරසෙයි.

රාජගිරියේ පරණ මාවත ආසන්නයේදී සිදුවූ රිය අනතුරේදී තරුණයකු හප්පා පලාගිය ජීප් රිය පදවාගෙන ගියේ ඇමැති පාඨලී චම්පික රණවක මහතා බවට තුවාල ලැබූ තරුණයාගේ මිතුරන් කරන චෝදනා සම්බන්ධයෙන් මිරිහාන පොලිසියට අනුබද්ධ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.
මේ හැර චම්පික රණවක ඇමැතිවරයාගේ රියෑදුරුගෙන්ද අනතුර ඇසින් දුටු බව පවසන සුපායි සහ ගයාෂාන් නමැති තරුණයාගෙන්ද යළිත් ප්‍රකාශ ලබා ගන්නා බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.
ඇමැතිවරයා මෙම චෝදනාව ප්‍රතික්‌ෂේප කරන නමුත් ප්‍රශ්න කිරීම් සහ ඒ පිළිබඳ වැඩිදුර විමර්ශනවලින් සැබෑ තත්ත්වය හෙළිකරගත හැකි බව පොලිස්‌ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.