FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය බුද්ධි අංශ සක්‍රීය කරන්නැයි අගමැතිගෙන් පොලිස්පතිට නියෝගයක්.

දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම අනියුක්ත කර තිබු රාජ්‍ය බුද්ධි අංශ ඒකක වහාම ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
පාතාලයට මෙන්ම විවිධ ජාවාරම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට තොරතුරු ලබා දීමට බුද්ධි අංශ ස්ථාපිත කර තිබූ බවත්, රාජපක්ෂ පාලන සමයේ දී ඒවා අහෝසි කර ත්‍රස්ත විමර්ශන ඒකක සහ ත්‍රිවිධ හමුදා බුද්ධි අංශවලට එම කාර්යය භාරය පවරා තිබූ බවත් පැවසේ.
තව ද පොලිස් බල ප්‍රදේශවල සිදු වන මිනීමැරීම්, කොල්ලකෑම් වැනි දරුණු ගණයේ අපරාධ සම්බන්ධයෙන් එම ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන් සහ සහකාර පොලිස් අධිකාරිවරුන් වගකීම භාර ගත යුතු බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා නීතිය සහ සාමය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.