FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතවරණයට වෙනුවෙන් ජවිපේ අධිකරණයට.

පළාත් පාලන ආයතන මැතිවරණය දිගින් දිගටම කල්දැමීම හේතුවෙන් ජනතාව පත්වන අපහසුතාවලින් මුදවාගැනීම සඳහා කඩිනමින් මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මේ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ කෙසේද යන්න පිළිබඳව මේ වනවිට සොයබලමින් සිටින බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
පළාත් පාලන ආයතනයක් යනු ජනතාවට සමීපතම සේවා සපයන ආයතනයක් බැවින් ඉක්මනින්ම එම ආයතනවලට මහජන නියෝජිතයන් පත්කර ගත යුතු බව හෙතෙම පැවසීය.
නව ක්‍රමයට මැතිවරණ පැවැත්විය නොහැක්කේ සීමානිර්ණ ගැටලු නිසා බව ආණ්ඩුව පවසන බවත්, නව ක්‍රමයේ ගැටලු පවතී නම් පැරණි ක්‍රමයට මෙවර මැතිවරණය පවත්වා ආයතනවලට මහජන නියෝජිතයන් පත්කර ගැනීමට හැකියාව තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
එහෙත් එවැනි වැඩපිළිවෙළකට නොගොස් මැතිවරණය දිනෙන් දිනම කල්තැබීම සදාචාරශීලී නොවන බවත්, පසුගිය වසරේ මැතිවරණ දෙකක් පැවැති බව සඳහන් කරමින් මැතිවරණය පැවැත්වීම කල්දැමූ බවත් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.