FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් වෙනුවෙන් චීනය මග බලයි.

ද්වි පාර්ශ්විය සබඳතා ශක්තිමත් කිරීමේ කදිම අවස්ථාවක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයෙන් උදාවෙනු ඇතැයි එරට නායකත්වය දැඩි අපේක්ෂාවෙන් පසුවන බව චීන විදේශ කටයුතු නි‍යෝජ්‍ය ඇමැති ලියු ෂෙන්මින් මහතා ප්‍රකාශ කෙළේය.

මේ දිනවල චීනයේ සංචාරය කරන සංවර්ධන උපායමාර්ග ඇමැති මලික් සමරවික්‍රම සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහත්වරුන් චීන නියෝජ්‍ය විදේශ ඇමැති  ෂෙන්මින් මහතා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කැර තිබේ.

අගමැතිවරයාගේ චීන සංචාරයෙන් ශ්‍රී ලංකාවට වැදගත් ප්‍රතිඵල අත්වනු ඇතැයි ද, චීන විදේශ නියෝජ්‍ය ඇමැතිවරයා විශ්වාසය පළකෙළේය.