FAST NEWS

24×7 Around the Globe

වෙලේ සුදාට එරෙහි නඩුව ලබන මැයි 03 වැනිදා සිට විභාගයට.

හෙරොයින් ග්‍රෑම්ස් 6.7ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කළ බවට අධි චෝදනා ලැබ සිටින ගම්පල විතානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා ට එරෙහි නඩුව ලබන මැයි 03 වැනිදා සිට විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ඊයේ (03) තීරණය කළේය.
එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්නා නඩුවේ සාක්ෂිකරුවන් පස් දෙනෙකුට සිතාසි නිකුත් කිරීමටද විනිසුරුවරයා ඊයේ (03) කොළඹ මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළේය. 2002/05/27 ‍ගල්කිස්සේදී හෙරොයින් ග්‍රෑම්ස් 6.7ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකාර වෙලේ සුදාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.