FAST NEWS

24×7 Around the Globe

ජාතික වැටුප් ප්‍රතිපත්තියක් වෙනුවෙන් ජනපති මෛත්‍රීගෙන් විශේෂ ආයතනයක්.

ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පුද්ගලයින් 23 දෙනෙකුගෙන් යුත් විශේෂ නියෝජිත ආයතනයක් ස්ථාපිත කර තිබේ.
ඒ පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (03) නිකුත් කළ බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය, ඵලදායිතාවය ඉහළ නැංවීම අරමුණූ කර ගනිමින් සමස්ත රාජ්‍ය අංශයෙහි වැටුප්, වේතන ඇතුළු සියලු පාරිශ්‍රමික ව්‍යුහයන් සමාලෝචනය කරමින් රාජ්‍ය සහ පෞද්ගලික ශ්‍රමබල අවශ්‍යතාවන් යෝග්‍ය පරිදි සපුරාලිම පහසුකරලීමට  කාර්යය මණ්ඩල අධ්‍යනයක් සිදු කිරීම එම නියෝජිත ආයතනයට පැවරෙයි.