FAST NEWS

24×7 Around the Globe

ඇමැති චම්පිකට එරෙහිව සාක්‍ෂි නැති බව වැලිකඩ පොලීසිය කියයි.

වැලිකඩ ප්‍රදේශයේදී තරුණයන් දෙදෙනකුට තුවාල සිදුවූ අනතුරට ඇමැති පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ බවට සාක්‍ෂි කිසිවක්‌ මේ වන තුරු ලැබී නොමැති බව වැලිකඩ පොලිසිය පවසයි.
එහෙත් මෙම අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සදීප සම්පත් තරුණයාගේ ඥතීන් සහ මිතුරන් පවසන්නේ අනතුර සිදුවන අවස්‌ථාවේ ජීප් රථය පදවාගෙන ගොස්‌ ඇත්තේ ඇමැති පාඨලී චම්පික රණවක මහතා බවයි.
තරුණයන් දෙදෙනා අනතුරට ලක්‌කර පලා ගිය ඇමතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ද ඔවුහු පොලිසියෙන් ඉල්ලා සිටිති.
මෙම අනතුර සිදුවී ඇත්තේ ඉකුත් ඉරිදා (28) රාත්‍රි 9.55 ට පමණය. තුවාල ලැබූ තරුණයන් දෙදෙනා කොළඹ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේ පැවැති යතුරුපැදි සංදර්ශනයකින් අනතුරුව පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.