FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන ඡන්දය පැවැත්වීමේ දිනය කාටවත් කිව නොහැකි – මහින්ද දේශප්‍රිය (වීඩියෝ)

පළාත් පාලන ඡන්දය පැවැත්වීමේ දිනය කාටවත් කිව නොහැකි බවත්, එය ඇතැම්විට අප්‍රේල් අගදී පමණ පැවැත්වීමට ඉඩ ඇති බවත්, ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි.
රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් වන තවත් සාකච්ඡාවක් දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් අද පස්වරුවේ පැවැත්වෙන බවයි.
පළාත් පාලන පනත සංශෝධනය වනතුරු බලා සිටීමට සිදුව ඇති බවත්, මැතිවරණ කොමිසමට අධිකරණ බලය නැති බවත්, ඇත්තේ විධායක බලය පමණක් බවත්, ඒ මහතා එහිදී පැවසීය.
කෙසේ වුවද මැතිවරණ කොමසාරිස්ට වඩා කොමිසම බලවත් යැයිද ඔහු කීවේය.

[youtube url=”https://www.youtube.com/watch?v=nN_oGmDjhAA” width=”560″ height=”315″]