FAST NEWS

24×7 Around the Globe

හිටපු කොටි නායක එමීල් කාන්තන්ව අත්අඩංගුවට ගන්නැයි නියෝග.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ මූල්‍ය අංශයේ නායකයෙකු බව කියන ඇන්තනී එමිල් කාන්තන් නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් යළිත් වරෙන්තු නිකුත් කර තිබේ.
මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීට පෙරාතුව වරෙන්තු හා රතු නිවේදන නිකුත් කර තිබුණි.
පසුව ඔහුගේ නීතිඥයින් ඔහු අධිකරණයට බාරවීමට අපේක්ෂා‍ කරන බැවින් වරෙන්තු ඉවත්කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී.
ඒ අනුව වරෙන්තු හා රතු නිවේදන ඉවත් කරනු ලැබුවද සැකකරු අධිකරණයට බාරවීමක් සිදුනොවුණු බවත්,එය ගැටළු සහගත බවත් අද අධිකරණයට කරුණු දැක්වූ රජයේ නීතිඥවරිය පෙන්වාදී තිබේ.
කෙසේ වෙතත් අදාළ නඩුව මැයි 18දින යළි කැඳවීමට නියමීතය.