මානව අයිතීන් සුරකින ආකාරයට සංශෝධනය කරන ලද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව විසින් සකස් කර ඇති බව වාර්තා වේ.
එම කෙටුම්පත අධිකරණ සහ බුද්ධශාසන ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ, විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර, උපාය මාර්ගික සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු ඇමැති මලික් සමරවික්‍රම මහත්වරුන්ට දැනටමත් භාර දී ඇති ආරංචි මාර්ග සඳහන් කරයි.
එම ඇමැතිවරුන් කරන ලද ඉල්ලීමකට අනුව, පොලිස් විමර්ශනවලට බාධා ඇති නොවන ආකාරයටත් අප රටට ගැළපෙන අන්දමටත් සංශෝධිත පනත් කෙටුම්පත සකස් කළ බව වැඩි දුරටත් වාර්තා වේ.
ජාත්‍යන්තර නීති රීති සහ විශේෂයෙන් ආසියාවේ රටවල නීති රීති පිළිබඳව අධ්‍යයනයක් සිදු කර නීතිපතිවරයා සහ නීතිඥ සංගමයේ අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගනිමින් කෙටුම්පත සකස් කළ බව නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.







