ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ගෙන් බහුතරයක් වර්තමානය වන විට පිළිකා රෝගයට ගොදුරු වීමේ ප්‍රවණාතාවයක් ඉස්මතු වී ඇත අකාරයක් දැකිය හැක.
එවන් තත්වයක් තුළ පිළිකා රෝගය නිවාරණය උදෙසා රජයේ පාර්ශවයෙන් සිදුකෙරෙන සොඛය පහසුකම් සැපයිමේ කාර්ය භාර්ය ප්‍රමාණවත් නොවන බව නොරහසකි.
මන්දයත් පිළිකා සඳහා වු ප්‍රතිකාර සඳහා වැයවන මුල්‍ය ප්‍රතිපාදන සැපයීමට සංවර්ධනය වෙමීන පවතින රටක් ලෙස ශ්‍රී ලංකා රජයට අපහසු බැවිනි.
කෙසේ වෙතත් එම තත්වය අවබෝධ කරගත් කතිජා පදනම සිය සංකල්පයක් ” පිළිකාවට එරෙහි සටන් වදිමු” යැයි තේමා කොට ගනිමීන් මහරගම (අපේක්ෂා) පිළිකා රෝහල තුල දැනට නොමැති ප්‍රතිකාර සඳහා අත්‍යවශම පිළිකා කලින් හදුනා ගැනීමේ හා ලෙසර් ප්‍රතිකාර කල හැකි රුපියල් මීලියන 200 ක් වටිනා PET යන්ත්‍රයක් සැපයීමේ යෝධ කර්ත්‍යවයට පියවර තැබීමට කටයුතු කර ඇත.
එ අනුව මාර්තු මස 04 දින පස්වරු 04 කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ” පිළිකාවට එරෙහි සටන් වදිමු” මැයෙන් PET යන්ත්‍රයක් මිලදී ගැනිම සඳහා වු දායකත්ව මුදල් එක්රැස් කිරීමේ සමාරම්භක වැඩසටහන ආරම්භ කිරීමට නියමීත.
එම සත් කාර්යයට සම්බන්ධ වීමට කැමති ශ්‍රී ලංකික පුරවැසියන්ට එදිනට එක්වන්නැයි එම සංවිධානය මාධ්‍ය මගින් විවෘත අරාධනයක් කර සිටියි.
පිළිකා රෝග ලක්ෂණ මුල් අවධියේදීම හදුනාගැනීමට හා ප්‍රතිකාර කිරීමට මෙම PET යන්ත්‍රය මගින් හැකියාවක් පවති එම කාර්ය සඳහා පෞද්ගලික රෝහල් අංශය මගින් මෙ වන විට එක් වරකදී රුපියල් 1,50,000 මුදලක් අය කරනු ලබයි.
වෛද්‍ය නිර්දේශය අනුව මෙම යන්ත්‍රය මගින් සාමාන්‍ෙයන් දස වතාවක් වත් පමණ ප්‍රතිකාර ලබා ගත යුතු අතර එහිදි රුපියල් මීලියන 1.5ක පමණ මුදලක් වැය වේ.
කෙසේ වෙතත් මෙවැනි මුදලක් වැය කොට ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව පවතිනනේ ශ්‍රී ලංකාවේ දැනට සිටින පිළිකා රෝගීන්ගෙන් 2% පමණ ප්‍රතිශතයකට බව හදුනාගෙන තිබේ.
එ එහෙයින් මෙවන් තත්වයක් තුල ශ්‍රී ලංකික පුරවැසියන් එක්සත්ව එක්සිත්ව පිළිකාවට එරෙහිව සටන් වැදීමට හැකි අකාරයෙන් සිය දායකත්වය සැපයීම අගනේය.
” පිළිකාවට එරෙහි සටන් වදිමු” වැඩසටහන යටතේ මුදල් එක් රැස් කීරීමට අදාළව බැංකු ගිණුම් අංක හා වැඩි විස්තර ලබා ගැනීමට දුරකථන අංක පහතින් දක්වා ඇත.









