FAST NEWS

24×7 Around the Globe

ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න මිහිදන් කල ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදන්නැයි නියෝග.

ඇඹිලිපිටියේ සාදයක දී  ඉකුත් ජනවාරි 04 වැනි දා  මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ සිරුර මිහිදන් කළ ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදන ලෙස ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා  අද (02)  නියෝග කළේය.

සුමිත් ප්‍රසන්නගේ  සිරුර ගොඩ ගෙන යළි පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වනේ ද නැද්ද යන්න තීන්දුව බ්‍රහස්පතින්දා (03) ප්‍රකාශයට පත් කරන බවද  මහේස්ත්‍රාත්වරයා වැඩි දුරටත්  ප්‍රකාශ කළේය.

නිතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නිතිඥ සුදර්ශන හේරත් මහතා සිරුර ගොඩ ගන්නැයි යන ඉල්ලිම කළේය.

සිරුර ගොඩ ගෙන විශේෂඥ අධිකරණ වෛද්‍ය මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරික්ෂණය කරන්නැයි  නිතිඥ වරයා ඉල්ලා සිටියේය.

රත්නපුර රෝහලේ පශ්චාත් මරණ පරික්ෂණය හා  සාක්කි බැලු බැල්මට පරස්පර බව ඔහු කියා සිටියේය.