ෆේස්බුක් සමාගමේ ලතින් ඇමරිකානු උප සභාපති බ්‍රසීල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳන් කර සිටියි.
එම වාර්තා සඳහන් කරන අන්දමට ඩියේගෝ සෝඩන් නැමැති ආජන්ටිනා ජාතිකයෙකු වන මොහු ෆේස්බුක් සමාගමට අයත් වට්ස් ඇප් පණිවිඩ සේවාවට අදාළ කරුණක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
මත්ද්‍රව්‍ය ජාවාරම් වලට අදාළ අපරාධ විමර්ශන තොරතුරු වට්ස් ඇප් සේවාව මගින් ලබාදෙන ලෙස අධිකරණය සිදුකළ නියෝගය කඩ කිරීම මොහු අත්අඩංගුවට ගැනීම හේතුව බව එරට පොලීසිය ප්‍රකාශ කර තිබේ.








