FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති කොමිෂන් සභාවේ නව ලේකම් වැඩ භාර ගනියි.

බරපතළ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභාවේ නව ලේකම් ලෙස එච්.ඩබ්. ගුණදාස මහතා මීට සුළු වේලාවකට පෙර වැඩ භාරගත්තේය.

අතුරුදන් වූවන් පිළිබඳව සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම් ලෙස කටයුතු කරන එච්.ඩබ්. ගුණදාස මහතා තවත් මාස 03 ක කාලයක් එම තනතුරේද වැඩබැලීමට නියමිතය.