කුරුණෑගල ශික්ෂණ රෝහලේ සැත්කම් සිදුකිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
විදුලි පද්ධතියේ ඇති වී තිබෙන දෝෂයක් නිසා ප‍්‍රධාන විදුලි සැපයුම ඊයේ (29) පස්වරුවේ බිඳ වැටිම හේතුවෙන් මෙලෙස සැත්කම් කිරීම අත්හිටුවා ඇත.
රෝහලට අවශ්‍ය බලශක්තිය සඳහා තාවකාලිකව විදුලි සැපයුම යළි සක‍්‍රිය කර ඇතත් විදුලි ජනක යන්ත‍්‍රය තවදුරටත් අක‍්‍රිය වී තිබීම නිසා සැත්කම් තාවකාලිකව අත්හිටු විමට පියවර ගත් බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය.
සැත්කම් සඳහා නියමිත රෝගීන් නිකවැරටිය, දඹදෙණිය, කුලියාපිටිය සහ අවශ්‍යතාව පරිදි මෙවන විට කොළඹ ජාතික රෝහලට යොමු කෙරෙන බව ඒ මහතා වැඩි දුරටත සඳහන් කළේය.








