FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන මැතිවරණයට එ.ජා.ප අයැදුම් පත් බාර ගැනීම මාර්තු 31දක්වා.

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වීම සඳහා අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය මාර්තු 31දා තෙක් දීර්ඝ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයෙන් මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවලට තරුණයන්ට සහ කාන්තාවන්ට ඉදිරිපත් විය හැකි අවස්ථා වැඩිකිරීමට එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන තිබේ.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට එක්සත් ජාතික පක්ෂය අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය ලෙස කලින් නියම වී තිබුණේ පෙබරවාරි 29 දාය. මැතිවරණයට ඉදිරිපත් වීමට නාමයෝජනා ලබා ගැනීමට ඊයේ(29) දිනය වනවිට අයදුම්පත් 14, 800ක් සිරිකොත පක්ෂ මුලස්ථානයට ලැබී ඇතැයි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.