FAST NEWS

24×7 Around the Globe

2008 සිද්ධියකට ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිගෙන් පෙත්සමක්.

මාලඹේ ප්‍රදේශයේ පිහිටි කතෝලික යාඥා මධ්‍යස්ථානයකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

2008 වසරේ ඇතිවූ මෙම සිද්ධියට අදාළව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු  විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොලඹ මහාධිකරණය විසින් මීට පෙර නියෝග කර තිබුණි.

එම තීන්දුව නීතියට පටහැනි බව පවසමින් එකී තීන්දුව අවලංගු කොට විත්තිකරුවන් වරදකරුවන් කර ඔවුන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබේ.

මාලනී ගුණරත්න හා දේවිකා තෙන්නකෝන් යන විනිසුරුවරියන් හමුවේ මෙම පෙත්සම අද(01)සලකා බැලුණු අතර ඒ අනුව අදාළ පෙත්සම මාර්තු මස 28 වන දින විභාග කිරීමට තීරණය කරන ලදී.