FAST NEWS

24×7 Around the Globe

සරණාගතයන් ස්වේච්ඡාවෙන් සිය රට බලා පැමිණීමේ පහසුවට ඉන්දු ලංකා ඒකාබද්ධ කොමිසමක්.

ඉන්දියාවේ මෙතෙක් විසූ ශ්‍රී ලාංකික සරණාගතයන් ස්වේච්ඡාවෙන් මෙරටට පැමිණිම පහසු කරවනු වස් ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසම පත් කර ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි.

පසුගිය දා ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු වූ ඉන්දීය විදේශ අමාත්‍ය ශුෂ්මා ස්වරාජ් මැතිනිය සමග එකඟ වූ ගිවිසුම්වලින් ඒකක  මේ බව සඳහන් ව ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි.

ඉන්දු ලංකා කොමිසමේ 9 වැනි සැසිය ඇමතීමට මෙරටට පැමිණි විදේශ අමාත්‍ය ශුෂ්මා ස්වරාජ් මහත්මිය මෙහිදී ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ මහත්වරුන් සමගද හිටපු ජනාධිපතිනි කුමාරණතුංග මහත්මිය සමඟ ද සාකච්ඡා පැවැත්වූවා ය.

මෙම ඒකාබද්ධ කොමිසම 1991 දී නව දිල්ලි නුවරදී ඇරඹි අතර මෙම වාර්ෂික සමුළුව මෙවර කොළඹදී පැවැත්විණි.