අද සිට රට පුරා ස්ථාන රැසක ගොවීන් විරෝධතා ව්‍යාපාරවල නියැලෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසීය.
මෙතෙක් කල් රු. 350 ට පැවති සහනාධාර පොහොර මිටියක මිල රු. 2500 දක්වා ඉහළ දැමීමට විරුද්ධතාවය දැක්වීමට මෙම විරෝධතා ව්‍යාපාර සංවිධානය කර ඇති බව හෙතෙම වැඩි දුරටත් කියා සිටියේ ය.
අද (01) අම්පාර උහන ප්‍රදේශය සහ අම්බලන්තොට කේන්ද්‍ර කර ගනිමින් උද්ඝෝෂණ පැවත්වෙන අතර හෙට අනුරාධපුරයේ හා දෙහිඅත්තකණ්ඩියේ ගොවි උද්ඝෝෂණ පැවත්වීමට නියමීතය.
එසේම මාර්තු 4 දින රාජාංගණය ප්‍රදේශයේ හා මාර්තු 5 වන දින මාතලේ දිස්ත්‍රික්කයේ හෙට්ටිපොළදීත් මාර්තු 8 දින බදුල්ලෙත් මෙම විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට බලාපොරොත්තු වන බව කරුණාරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.







