නාවික හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති යෝෂිත රාජපක්ෂ මහතාගේ හමුදා සේවය අත්හිටුවීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් කටයුතු කර තිබේ.
යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදුකරනු ලබන පරීක්ෂණ ස්වාධීනව පවත්වාගෙන යායුතු බැවින් ඔහුගේ සේවය අත්හිටුවන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමක් අනුව මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව 2016 පෙබරවාරි මස 28 වන දින සිට බලපැවැත්වෙන පරිදි සේවය අත්හිටුවා ඇති අතර ඔහුගේ වැටුප් හා දීමනාද වහාම ක්‍රියාත්මක වන පරිදි නවත්වා තිබේ.








