සිංගප්පූරුවේදී බයිපාස් සැත්කමකට භාජන වූ සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.
රාජිත සේනාරත්න මහතාගේ සැත්කම පසුගිය සිකුරාදා දිනයේ සිදුකළ බවද එම ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ඇමැති රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් සොයා බැලීම සඳහා පසුගිය සෙනසුරාදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාද සිංගප්පූරුව බලා පිටව ගියේය.








