ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතා අගමැති කර ශ්‍රීලනිප ආණ්ඩුවක් හැදුවොත් අපි පක්ෂයෙන් යන්නේ නැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවේ ඉඳගන්නා බව පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඒකාබද්ධ විපක්ෂය අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසය.
මහින්ද රාජපක්ෂ මහතාගේ නව නායකත්වය යටතේ හදන බව කියන පක්ෂය පමා වන්නේ ඇයිදැයි මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළේය.
එහිදී මන්ත්‍රීවරයා පැවසුවේ මැතිවරණය වසරකින් කල්දමා ඇති නමුත් මේ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂය ලෙස සියලු දේශපාලන පක්ෂ සමග එකතුව රට තුළ දැවැන්ත අරගලයක් කරන බවයි.
එසේම මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති වීමේ රහස, ඔහු අවසන් මොහොත වනතුරු එය හෙළි නොකිරීම බවත්, එය හෙළි කළා නම් ජයග්‍රහණය වැළැකීමට තිබූ බවත්, හෙතෙම පැවසීය.
ඒ අනූව ඒකාබද්ධ විපක්ෂය ද අවසන් මොහොත වනතුරු බලා සිටින බවත්, මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ පසු සුදුසු තීරණය ඒ වෙලාවට ගන්නා බවත්, බැරිවෙලාවත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා අගමැති කර ශ්‍රීලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් හැදුවොත් පක්ෂයෙන් නොගිහින් ආණ්ඩුවේ ඉඳගන්නා බව ඔහු කියා සිටියේය.








