FAST NEWS

24×7 Around the Globe

අධික ශබ්දයෙන් නලා හඬවන වාහන හිමිකරුවන්ට නඩු.

අධික ශබ්දයෙන් නලා හඬවන වාහන හිමිකරුවන්ට එරෙහිව ඉදිරියේදී නඩු ලබා ගැනීම සිදු කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
එහි අධ්‍යක්ෂ ජනරාල් කේ.එච්. මුතුකුඩු ආරච්චි මහතා පැවසුවේ වාහනවල නලා ශබ්දය සම්බන්ධයෙන් නියමිත ප‍්‍රමිතියක් ඇති බවයි.

විශේෂයෙන් බස් සහ ටිපර් වැනි බර වාහනවල සවි කර තිබෙන එයාර් හෝන් මේවන විට මහත් ගැටළුවක් වී ඇති බවයි පැවසෙන්නේ.
ඉදිරියේදී අධික ශබ්ද සහිත නලා පිළිබඳ නව රෙගුලාසි හඳුන්වාදීමට සූදානම් බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එච්. මුතුකුඩු ආරච්චි මහතා කියා සිටියා.