FAST NEWS

24×7 Around the Globe

ලංගමට ගෙනා බස් 14ක් ආගිය අතක් නැතිලු.

වසර 2010 සිට 2014 දක්වා වරින්වර ලංකා ගමනා ගමන මණ්ඩලයට ගෙන්වන ලද බස් රථ 14ක් ආගිය අතක් සොයා ගැනීමට නොහැකිව ඇතැයි වාර්තා වේ.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විසින් ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් පාර්ලිමෙන්තුවේදී අසන ලද ප්‍රශ්නයක් මගින් අදාළ කරුණු හෙළිව තිබේ.

ජයතිස්ස මහතා ඊයේ (25) ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් බස් රථ අංක 14ක් ලබාදෙමින් අදාළ බස් රථ ලංගම කුමන ඩිපෝවේ ධාවනය වන්නේදැයි විමසා සිටියේය.

ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබාදෙමින් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා කියා සිටියේ එම නොම්බරවලට අදාළ බස් රථ ලංගමයේ නොමැති බවයි.

මේ බස් රථ ගෙන්වා ඇත්තේ ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගමින් බවද පැවසේ.

අදාළ කාලයේ ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත්තේ කුමාර වෙල්ගම මහතා බවයි.

එම කාලයේදී ලංගමට යැයි කියමින් තීරුබදු රහිත මුදලට ලංකාවට ගෙන්වන ලද බස් රථ කිහිපයක් සම්බන්ධයෙන් මේවන විට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිලි ලැබී ඇතැයිද වාර්තා වේ.