2015 මහ මැතිවරණයේදී ඡන්ද ගණන් කිරීමේදී අක්‍රමිකතාවක් සිදුවුවායැයි පවසමින් රෝසි සේනානායක මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම විභාග කිරීම ලබන මැයි 16 වැනිදාට කල් තැබිණි.
එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ තමා ඇතුළු අපේක්ෂකයන් 22 දෙනාටම ලැබුණ මනාප ඡන්ද ගණන් කොට එහි ප්‍රතිඵලය අනුව මන්ත්‍රී ධුර ලැබීමට සුදුස්සන් වී ඇති අය තීරණය කොට ඔවුන්ගේ නම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන ලෙසට මැතිවරණ කොමසාරිස්ට නියෝග කරන්නැයි එම පෙත්සමේ ඉල්ලීම වී ඇත.
එසේම සේනානායක මහත්මිය සිය පෙත්සමෙන් කියා සිටින්නේ මනාප ඡන්ද ගණන් කිරීමේදී අක්‍රමිකතාවක් සිදු වූ බැවින් තමාට මන්ත්‍රීවරියක වශයෙන් තේරී පත්වීමට තිබූ අවස්ථාව අහිමි වූ බවයි.
එම මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයට ආසන 11 ක් ලැබී ඇති අතර සේනානායක මහත්මියට හිමි වී ඇත්තේ 12 වැනි ස්ථානයයි. ඇයට ලැබුණ මනාප ඡන්ද සංඛ්‍යාව 65320 කි.







