FAST NEWS

24×7 Around the Globe

ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරයි.

හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයා විසින් තමා රක්‍ෂිත සිර භාරයට පත් කිරීමට කළ නියෝගය නීති විරෝධී බවට සහ ඉන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 12 (1) සහ 13 (2) වගන්තිවලින් සහතික කළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන්නැයි ඉල්ලා ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (25 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ගොනු කළහ.

හෝමාගම පොලිසියේ පැමිණිලි අංශය භාර ස්‌ථානාධිපති විඡේරත්න, මූලස්‌ථානාධිපති උපාලි ලියනගම, පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් හා නීතිපති යන හතරදෙනා වගඋත්තරකරුවන් ලෙස නම් කර ඔවුනට එරෙහිව මෙම පෙත්සම ගොනු කර ඇත.

නාවල රාජගිරිය ශ්‍රී සද්ධර්ම රාජිත විහාරාධිපති හිමි වන ඥනසාර හිමියන්ගේ පෙත්සමේ සඳහන් අන්දමට සන්ධ්‍යා ප්‍රියංගනී එක්‌නැලිගොඩ නැමැත්තිය විසින් 2016.01.25 දින හෝමාගම පොලිසියට කරන ලද පැමිණිල්ලක්‌ මත ඊට පසු දින අත්අඩංගුවට ගෙන හෝමාගම මහෙස්‌ත්‍රාත් උසාවියට ඉදිරිපත් කර ඇත. හෝමාගම පොලිසිය උසාවියට ගොනු කළ වාර්තාවලට අනුව උන්වහන්සේ අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර ඇත්තේ අපරාධවලට භාජනය වූ වින්දිතයන් ආරක්‍ෂා කිරීමේ පනත යටතේයි.