වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 09 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.
සේවයේ අවශ්‍යතා මත පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතාගේ නියෝග මත මෙම ස්ථානමාරුවීම් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
ඒ අනුව පුස්සැල්ලාව ස්ථානාධිපති එච්.එම්.ඩී හේරත් මහතා දෙමටගොඩ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙසත්, ජාඇල ස්ථානාධිපති එල්.කළුආරච්චි මහතා පුස්සැල්ලාව ස්ථානාධිපතිවරයා ලෙසත් මාරු කර යවා තිබේ.
කන්කසන්තුරේ මූලස්ථාන පොලිස් පරීක්ෂක එන්.ඩබ්ලිව් ලෝරන්ස් මහතා ජාඇල ස්ථානාධිපතිවරයා ලෙසත්, ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එස් අමරතුංග මහතා හලාවත කොට්ඨාශයේ සිට කන්කසන්තුරේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ලෙසත් මාරු කර යවා ඇති බව සඳහන්ය.
නවගමුව ස්ථානාධිපති ඒ.බී සේනානායක මහතා කොළඹ දිශාවටත් , ඉලවාලේ ස්ථානාධිපති කේ.එම් ද සිල්වා මහතා නවගමුව ස්ථානාධිපතිවරයා ලෙසත්, පොලිස් පරීක්ෂක එස්.එම්.ආර් සේනානායක මහතා යාපනය කොට්ඨාශයේ සිට ඉලවාලේ ස්ථානාධිපතිවරයා ලෙසත් මාරු කර යවා ඇති බව රුවන් ගුණසේකර මහතා පැවසුවේය.
ඊට අමතරව කිරිඇල්ල ස්ථානාධිපති එල්.එච්.පී ද සිල්වා මහතා කොළඹ දිශාවට මාරු කර ඇති අතර, පොලිස් පරීක්ෂක ඩබ්ලිව් .එම්.ජේ එස්. බණ්ඩාර මහතා මීගමුව කොට්ඨාශයේ සිට කිරිඇල්ල ස්ථානාධිපතිවරයා ලෙස මාරු කර තිබේ.







