මෙරට භාවිතා වන සියලු ජංගම දුරකථන සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
දුරකථන සමාගම් සමඟ ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
සිම්කාඩ් පත් යොදාගනිමින් සිදුවන විවිධ ජාවාරම් මැඬලීමේ අරමුණින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කළේය.








