FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් මෙරිටයිම් ගණකාධිකාරීවරයාට සී.අයි.ඩී යට එන්නැයි නියෝගයක්.

ඇවන්ගාඩ් මෙරිටයිම් හි ගණකාධිකාරීවරයාට මාර්තු 1 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද (25) නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය එසේ නියෝග කළේ ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේදීය.

වැඩිදුර වාර්තා කැඳවීම සැප්තැම්බර් 1 වැනිදාට කල් තැබිණි.