FAST NEWS

24×7 Around the Globe

රුපියල් කෝටි 12.5 ක අල්ලස් සිද්ධියට රේගුවේ තවත් නිළධරයෝ අත්අඩංගුවට.

රුපියල් කෝටි 12.5 ක අල්ලස් ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රේගුවේ තවත් නිළධරයෝ දෙදෙනෙක් අද අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම විසින් අද අත්අඩංගුවට ගනු ලැබූහ.

රේගු අධිකාරීවරුන් වන වසන්ත විමලවීර සහ උපාලි සෙනරත් වික්‍රමසිංහ සැකපිට අත්අඩංගුවට ගත් බව ද අල්ලස් කොමිසම කියයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර රේගු අධිකාරීවරයෙක්, නියෝජ්‍ය අධිකාරීවරයෙක් හා අතිරේක අධිකාරීවරයෙක් සැකපිට අත්අඩංගුවටය ගනු ලැබූහ.

ලංගම රිය අමතර කොටස් ගෙන්වන ව්‍යාපාරිකයෙකුගේ එම අමතර කොටස් මුදා හැරීම සඳහා මෙම අල්ලස ගන්නා ලදැයි ද එය ශ්‍රී ලංකාවේ ලොකුම අල්ලස යැයි ද කොමිසම කියයි.

ගිය වසරේ ඔක්තොබර් 15 වැනිදා මෙම අල්ලස් සිද්ධිය වාර්තා විය.