අද (24)පෙරවරුවේ සිට වව්නියාව නගරයේ වෙළඳසැල් සහ පාසල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
පසුගිය 16 වනදා වව්නියාව ප්‍රදේශයේ පාසල් සිසුවියක දූෂණය කර මරා දැමීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් මෙම හර්තාල් ව්‍යාපාරය ආරම්භ කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.
වව්නියාව නගරයේ පෞද්ගලික බස් රථද ධාවනයෙන් ඉවත්ව ඇති අතර දරුවන් ආරක්ෂා කර දෙන ලෙස සහ ස්ත්‍රී දූෂකයන්ට මරණ දඬුවම ලබාදෙන ලෙස හර්තාල් ව්‍යාපාරයට එක්ව සිටින ප්‍රදේශවාසීන් සහ ව්‍යාපාරකයින් ඉල්ලීමක් කරයි.
වව්නියාව නගරයට මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාවක් දී ඇති බවද වාර්තා වේ.








