පුද්ගලයින් 21 දෙනෙකු රැගත් නේපාලයේ ටාරා ගුවන් සේවයට අයත් සහැල්ලු මගී ගුවන් යානයක් නේපාලයේදි අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නේපාලයේ, බටහිර කත්මන්ඩු හි පොක්හාරා සිට ගුවනට නැංවූ මෙම යානය සමග තිබූ සබඳතාවය නැතිව ගිය බව ගුවන් පාලක මැදිරිය කියයි.
නේපාලයේ උතුරුදිග ජොම්සම් වෙත පියාසර කළ යානයක් මෙලෙස අතුරුදන්ව ඇති අතර ජොම්සම් හා පොක්හාරා අතර කිසිදු නැවතුම් ස්ථානයක් නැති බවද එරට බලධාරීන් පවසයි.








