FAST NEWS

24×7 Around the Globe

රේගු නිලධාරීන් ස්වකීය රාජකාරිවලින් බැහැර වෙයි.

රේගු මූලස්ථාන‍යේ ආනයන හා බැඳුම්කර අංශවල රේගු නිලධාරීන් ස්වකීය රාජකාරිවලින් බැහැරවෙමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවෙමින් සිටියි.

මේ ‍හේතුවෙන් ආනයන නිශ්කාෂණවල රේගු සටහන් තැබීම,බාරගැනීම,ලියකියවිලි කටයුතු කිසිවක් සිදුනොකෙරෙන බව රේගු මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති නිශාන්ත උඩුවෙල මහතා කියා සිටියේ රේගුවේ විමර්ශන අංශ කිහිපයක් තිබුණද ,දෙපාර්තමේන්තු 4ට ඉහළින් තවත් විමර්ශන ඒකකයක් ස්ථාපිත කර ඇති බවයි.

මෙම නව ඒකකය තම රාජකාරී කටයුතු අධීක්ෂණය කරන මට්ටමකට ස්ථාපිත කර ඇති බවත්,එවැන්නක් ස්ථාපිත කරන්නේනම් ඒ පිළිබද තම සංවිධාන දැනුවත් කළ යුතුව ඇති බවත්,සේවකයින් දැනුවත් නොකොට මෙම ඒකකය ස්ථාපිත කිරීමට එරෙහිව මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.