පෑලියගොඩ – මීගමුව මර්ගයේ පෝරණුකොටුවත්ත ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් තරුණයෙකු සහ ළමයෙකු තුවාල ලබා තිබේ.
ඊයේ රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයින් දෙදෙනා මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ 21 හැවිරිදි සහ 14 හැවිරිදි පෝරණුකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.
පැරණි ආරවුලක් මත පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඔහුට වෙඩි නොවැදී එම ස්ථානයේ සිටි වෙනත් දෙදෙනෙකුට වෙඩි වැදී ඇති බව පොලීසිය පවසයි.
වෙඩි තැබීම් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්ඩංගුවට ගැනීම සඳහා පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.







