FAST NEWS

24×7 Around the Globe

හිටපු අගවිනිසුරු ශිරානිට එරෙහිව පැවරු නඩු තුනක් ඉල්ලා අස්කර ගනී.

වසර තුනක වත්කම් හෙළි නොකළැයි හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව පනවා තිබූ නඩු 3ක පැමිණිලි අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ ඩිලාන් රත්නායක මහතා අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉල්ලා අස්කර ගත්තේය.

ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඇය නඩු තුනෙන්ම නිදොස් කොට නිදහස් කළේය.

ඇයට පනවා තිබූ විදේශ ගමන් තහනමද ඉවත් කැරිණි.