FAST NEWS

24×7 Around the Globe

ඇඹිලිපිටි ඝාතන සිද්ධියේ එ.එස්.පී යළි රිමාන්ඩ් කිරීමට නියෝග.

ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්න ජයවර්ධන සාදයකදී මරණයට පත්වීමේ සිද්ධියේ සාක්ෂි අද (17) අවසන් කළ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා මරණ පරික්ෂණයේ තීන්දුව සිකුරාදාට (19) ප්‍රකාශයට පත් කරන බව කීවේය.

මේ මරණය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර සිටින සහකාර පොලිස් අධිකාරී ඩී.ඩබ්ලිව්.සී. ධර්මරත්න ලබන මාර්තු 2 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙසද මහේස්ත්‍රාත් නියෝග කළේය.