හිටපු ජනාධිපති මහින්ද ස්ථිරවම මහා මැතිවරණ තරඟයට.

හිටපු ජනාධිපති මහින්ද ස්ථිරවම මහා මැතිවරණ තරඟයට.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාමයෝජනා නොලැබුණත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එළැඹෙන මහ මැතිවරණයට තරඟ කරන බව ඔහුගේ ප්‍රකාශක රෙහාන් වැලිවිට මහතා සඳහන් කරයි.

බී.බී.සී. සිංහල සංදේශයට අදහස් දක්වමින් රොහාන් වැලිවිට මහතා සඳහන් කරන්නේ හිටපු ජනපතිවරයා මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර ඇති බවත්, වෙනත් පක්ෂයකින් හෝ ඔහු මහමැතිවරණයට ඉදිරිපත්වෙනු ඇති බවත්ය.

“එතුමා හදාගෙන ගිය රට නැවතිලා තියෙනව. ඒ නිසා එතුමා නැවත වරක් මේ රට ඉදිරියට ගෙනියන්න අනිවාර්යයෙන්ම මීළඟ මහ මැතිවරණයේදී තරග කරනවා. මේ රටේ ඉදිරි ගමන වෙනුවෙන් එතුමාගේ කාර්යභාරය ඉතුරු වෙලා තිබුණා. එතුමාට ඒ කාර්යභාරය අවසන් කරන්න කලිනුයි මැතිවරණයක් ඇවිල්ල පරාජය වුනේ. නාමයෝජනා ලබාදීමේ මූලික අයිතිය සහ වගකීම තියෙන්නේ වර්තමාන ජනාධිපතිතුමාට. එතුමා (ජනපති මෛත්‍රී) ඒක ලබානොදුන්නොත් මෙතුමා (මහින්ද රාජපක්ෂ) තීන්දුවක් ගනීවී ඡන්දයට එන්නේ මොන පක්ෂයෙන්ද කියල” යැයි වැලිවිට මහතා සඳහන් කර තිබේ.